ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය අද ගුවාහාටි හිදී ආරම්භ වනවා .

මෙරට වේලාවෙන් පස්වරු 01.30 ට තරගය ආරම්භ වනු ඇති .

මෙම තරගාවලියේදී ඉන්දීය කණ්ඩායම රෝහිත් ශර්මා විසින් මෙහෙයවන අතර ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ දසුන් ශානක විසිනුයි .

මේ දක්වා දෙරට අතර එක්දින ජාත්‍යන්තර තරග 162 ක් පවත්වා තිබෙනවා . ඉන් තරග 93 ක් ජය ගෙන ඇත්තේ ඉන්දියාවයි .

ශ්‍රී ලංකාව තරග 57 ක් ජය ගෙන තිබෙනවා .

මේ අතරට විසදුමකින් තොර තරග 11 ක් ඇතුලත් වන අතර සම තත්වයේ තරගය අවසන් වූ අවස්ථාවක්ද සටහන් වනවා .

කෙසේ වෙතත් මෙම තරගාවලිය සදහා ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා ගේ සහභාගිත්වය අවිනිශ්චිත බවයි එරට ක්‍රිකට් පාලක මණ්ඩලය ඊයේ සදහන් කලේ .

WhatsApp Group

Skip to content