ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව තම සේවා ගාස්තු ද සියයට 8 ත් 10 ත් අතර ප්‍රමාණයකින් අඩු කිරීමට කටයුතු කරන බව පාසල් ළමුන් ප්‍රවාහනය කරන්නන්ගේ සංගමය පවසනවා.

කෙසේ වෙතත් තමන්ට ලබාදෙන ඉන්ධන කෝටාව ඉහළ දමන්නේ නම් සේවා ගාස්තු තවදුරටත් පහළ දැමිය හැකි බවටයි පවසන්නේ.

සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමයේ සභාපති රුවන් ප්‍රසාද් මහතා කියා සිටියේ වාහන අමතර කොටස් සම්බන්ධයෙන් පවතින මිල ගණන් සදහා ද සහනයක් රජය විසින් ලබා දිය යුතු බවයි.

මේ අතර අද මධ්‍යම රාත්‍රියෙන් පසු බස් ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට නියමිත බවද ලංකා ගමනාගමන මණ්ඩලය කියා සිටියා.

එමෙන්ම බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ එළඹෙන ජුනි මාසයේ ද අනිවාර්ය බස් ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කරන බවයි.

https://www.vnews.lk/storage/2023/03/BUS-GAMUNU-EDIT.mp3?_=1

මේ අතර සිය සේවා ගාස්තු සියයට 8 කින් පහළ දැමීමට එක්සත් ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඉන්ධන ගාස්තු පහළ දැමීමත් සමඟ මෙලෙස සිය සේවා ගාස්තු අඩු කිරීමට තීරණය කළ බවයි එම සංගමයේ සභාපති සනත් මංජුල මහතා ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් ඉන්ධන මිල අඩු කිරීමේ ප්‍රමාණය මත කිසිසේත් ත්‍රීරෝද රථ ගාස්තු අඩු කළ නොහැකි බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ ව්‍යවසායකයන්ගේ එකමුතු සංගමය සඳහන් කරනවා.

පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 60කින් අඩු කිරීම හේතුවෙන් ත්‍රිරෝද රථ ගාස්තුව කිලෝමීටරයකට රුපියල් 10කින් පහත දමන්නැයි ඇතැම් පිරිස් ඉල්ලීම් කලද එය පිළිගත නොහැකි බවයි එම සංගමයේ සභාපති මෙරිල් දිසානායක මහතා ප්‍රකාශ කලේ.

ත්‍රිරෝද රථයක් පෙට්‍රල් ලීටරයකින් ධාවනය කළ හැක්කේ කිලෝමිටර 20ක් පමණ වන අතර පෙට්‍රල් ලීටරයකට රුපියල් 60ක් අඩුකිරීම හේතුවෙන් කිලෝමීටරයකින් අඩු කළ හැක්කේ රුපියල් 3ක මුදලක් පමණක් බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

WhatsApp Group

Skip to content