Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා ලෝකයේ හොඳම තරුණ විද්‍යාඥයන් හය දෙනා අතරට තේරී පත්ව තිබෙනවා.

මෙම තරුණ විද්‍යාඥයන් හය දෙනාගෙන් පස් දෙනෙකුම බ්‍රිතාන්‍ය ජාතිකයන් වන අතර ලාංකික විද්‍යාඥයකු ඒ අතරට තේරී පත්වීම විශේෂත්වයක්.

බ්‍රිතාන්‍යයේ ප්‍රතිශක්තිකරණ විද්‍යාඥයන්ගේ සංගමය විසින් චන්දිම ජීවන්දර මහතා ලෝකයේ තරුණ විද්‍යාඥයන් හය දෙනා අතරට තෝරා ගනු ලැබුවා.

ප්‍රතිශක්තිකරණ වෛද්‍ය විද්‍යාවේ අනාගතය වෙනුවෙන් කැපවී කටයුතු කරනු ලබන විද්‍යාඥයන් ඇගයීම උදෙසා පවත්වනු ලබන ප්‍රතිශක්තිකරණවේද සම්මාන උළෙලේදී ජීවන්දර මහතා හට මෙම සම්මානය ලැබීමට නියමිතයි.

ප්‍රතිශක්තිකරණවේද සම්මාන උළෙල ලොව පිළිගත් වෛද්‍ය සම්මාන උළෙලක් වන අතර මෙහිදී සම්මාන ලැබීම සඳහා ලෝකය පුරා විද්‍යාඥයින් තිස් දෙදෙනෙකු කාණ්ඩ හයක් යටතේ තෝරා ගෙන තිබෙනවා.

සම්මාන උළෙල ලන්ඩන් නුවරදී අප්‍රේල් මස 20 වැනිදා පැවැත්වීමට නියමිතයි.

WhatsApp Group

Skip to content