අලුත් අවුරුදු සමය වෙනුවෙන් පසුගිය අප්‍රේල් 4 වැනිදා සිට ජාතික ඉන්ධන අවසර පත්‍ර QR ක්‍රමය යටතේ වැඩි කරන ලද ඉන්ධන කෝටාව මෙම සතියේද එලෙසම ක්‍රියාත්මක බව රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා පවසනවා.

අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ඉන්ධන කෝටාව වැඩි කළ දිනයන්හි පරිභෝජන කරන ලද දත්ත සංඛ්‍යා විශ්ලේෂණය කර එම වැඩිකළ ප්‍රමාණයන් අඛණ්ඩව ලබාදෙන්නේද යන්න ඉදිරියේදී තීරණය කරන බවයි.

ඒ අනුව ත්‍රීෙරා්ද රථ සඳහා වූ ලීටර් පහක කෝටාව ලීටර් අටක් දක්වාත් යතුරු පැදි සඳහා වූ ලීටර් 4ක කෝටාව ලීටර් හතක් දක්වා ඉහළ නැංවූවා.

බස් රථ සඳහා වූ ලීටර් 40 ලීටර් 60 දක්වාත් මෝටර් රථ සඳහා ලීටර් 20ක් වූ කෝටාව ලීටර් 30ක් දක්වාත් ලොරි රථ සඳහා වූ ලීටර් 50 කෝටාව ලීටර් 75ක් දත්වා ඉහළ දැමුණා.

මේ අතර වෑන් රථ සඳහා ලබාදෙන ඉන්ධන කෝටාව ලීටර් 20 සිට 30ක් දක්වා ඉහළ දැමීමටයි තීරණය කෙරුණේ.

 

 

WhatsApp Group

Skip to content