Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

එළඹෙන නත්තල් උත්සව සමයේදී ඉල්ලුමට සරිලන එළවලු සැපයුම වෙළෙඳපොලට ලබාදීමට නොහැකි වීම හේතුවෙන් දේශීය වෙළෙඳපොලේ එළවලු මිල තවදුරටත් ඉහළ යන බව සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත මහතා පවසනවා.

කෘෂිකර්මාන්තයට සිදුකළ දැවැන්ත විනාශය හේතුවෙන් එළවලු වගාවේ නිරතව සිටි කුඩා පරිමාණ හා මධ්‍ය පරිමාණ ගොවීන් රැසක් එළවලු වගාවෙන් මේ වන විටත් ඉවත් වී ඇති බවයි ඔහු කියා සිටියේ.

දේශීය අර්තාපල් කිලෝවක් රුපියල් 430 ක් දක්වා ඉහළ මිලකට අලෙවි වන අතර කැරට්, ලීක්ස් ඇතුලු උඩරට සහ පහතරට එළවලු වර්ග රැසකම මිල ඒ හා සමානව ඉහළ ගොස් ඇති බවයි අරුණ ශාන්ත මහතා වැඩිදුරටත් කියා සිටියේ.

WhatsApp Group

Skip to content