උතුරු කොරියාව තවත් න්‍යෂ්ටික දිය යට ගමන් කරන ඩ්‍රෝන යාත්‍රාවක් අත්හදා බලා තිබෙනවා.

සති දෙකක් අතරතුර උතුරු කොරියාව අත්හදා බැලූ දෙවන දියයට ඩ්‍රෝන යාත්‍රාව මෙය වනවා.

ඩ්‍රෝන යාත්‍රාව අත්හදා බැලීම උතුරු කොරියා රාජ්‍ය මාධ්‍ය විසින් අද දිනයේදී තහවුරු කළා.

එම ඩ්‍රෝන යාත්‍රාව හයේලි දෙක වශයෙන් නම් කර ඇති අතර එහි අර්ථය සුනාමිය නම් වනවා.

විශේෂයෙන්ම දියයට සුනාමියක් ඇති කිරිමට තරම් ප්‍රබල න්‍යෂ්ඨික බෝම්බයක් රැගෙන යා හැකි වීම හේතුවෙන් එම නමින් මෙම ඩ්‍රෝන යාත්‍රාව නම් කර තිබෙනවා.

අද දිනයේ අත්හදා බැලු ඩ්‍රෝන යාත්‍රාව මුහුද අභ්‍යන්තරයේ මුහුද යට කිලෝමීටර් දහසක් පමණ යාත්‍රා කරවූ බව උතුරු කොරියාව පවසනවා.

WhatsApp Group

Skip to content