Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

සමාජ ජාලා ඔස්සේ අපහාස කිරීම් සහ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට හැකි අයුරින් සමාජ ආරක්ෂක පනත් කෙටුම්පතක් මෙම සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍යාංශය මගින් මෙම සමාජ ආරක්ෂක පනත ඉදිරිපත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මෙම පනත වසර 03 ක් තිස්සේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීම ප්‍රමාදවෙමින් තිබුනා.

කෙසේවෙතත් මෙම පනත වහාම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්නැයි ජාතික ආරක්ෂක කවුන්සිලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබේනවා .

සිංගප්පූරු රජයේ ප්‍රවීණයන්ගේද සහාය ගනිමින් මෙම පනත සකස් කර ඇත්තේ අධිකරණ අමාත්‍යාංශය පත් කළ විශේෂ කමිටුවක් මගින්.

මෙම පනත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පෙර නිරීක්ෂණය සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට යවා නීතිපති උපදෙස්ද ලබාගෙන ඇති බව සදහන්.

WhatsApp Group

Skip to content