2022 උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු කඩිනමින් අවසන් කිරීමට අපේක්ෂා කරන කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීම සදහා වන උපදෙස් ලබා දීමේ පළමු සැසිය හෙට ආරම්භ කිරීමට නියමිතයි.

එමෙන්ම ලබන 15 වනදා සිට උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු ආරම්භ කිරීමටයි විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත්තේ.

උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු සදහා ගරුවරුන් බදවා ගැනීම පසුගිය සිදුකෙරුණා.

ඒ අනුව මේ වන විට ගුරුවරුන් 16,000කට ආසන්න පරිසක් ඒ සදහා එක්ව සිටින බවයි විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේ.

WhatsApp Group

Skip to content