ශ්‍රී ලාංකික සරණාගතයින් 10 දෙනෙකු සරණාගතයින් ලෙස ඉන්දියාවට පිටත්ව ගොස් තිබෙනවා.

කාන්තාවන් සිව්දෙනෙකු සහ ළමුන් තිදෙනෙකු මෙම පිරිස අතර වන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මොවුන් මුලතිව් ප්‍රදේශයේ පදිංචිව සිටි පිරිසක් වන අතර ඊයේ අලුයම ඔවුන් මුහුදු මාර්ගයෙන් ඉන්දියාවේ ධනුෂ්කෝඩි වෙත පිටත්ව ගොස් තිබුණා.

පවතින ආර්ථික ආර්බුද හමුවේ තමන් මෙලෙස ඉන්දියාවට පැමිණි බවයි එම පිරිස ප්‍රකාශ කර ඇත්තේ.

මෙම සරණාගතයින් පිරිස මණ්ඩපම් පුනුරුත්ථාපන මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් තිබෙනවා.

මාර්තු මාසයේ සිට මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 254 දෙනෙකුට වැඩි ප්‍රමාණයක් සරණාගතයින් ලෙස ඉන්දියාවට පිටත්ව ගොස් ඇති බවයි වාර්තාවන්නේ.

WhatsApp Group

Skip to content