සුඩානයෙන් ගැටුම් හමුවේ මුදා ගැනුණු තවත් ඉන්දීය ජාතිකයින් පිරිසක් ගුවන් මගින් නවදිල්ලියට ලගා වී තිබෙනවා.

යළි සිය රට පැමිණි ඔවුන් තමන්ව සුඩානයෙන් මුදා ගැනීම සම්බන්ධයෙන් ඉන්දීය රජයට කෘතඥතාව පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ප්‍රහාර හමුවේ අතරමංව සිටි තමන්ට යළි සිය රට බලා යාමට නොහැකි වනු ඇතැයි සිතූ නමුත් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ රජය නිසා යළි නිවෙන් වෙත පැමිණීමට අවස්ථාව උදා වූ බව ඔවුන් පවසනවා.

සුඩානයේ ගැටුම් වලට මැදිව සිටින ඉන්දියානුවන් මුදා ගැනීම සඳහා දියත් කර ඇති කාවේරි මෙහෙයුම ඉතා සාර්ථක බවයි යළි සිය රට පැමිණි ඉන්දියානුවන් පවසන්නේ.

ඉන්දීය රජයේ ක්‍රියාකලාපය හේතුවෙන් විදෙස් රටක සිටිය ද ආරක්ෂාවක් දැනුනු බව ඔවුන් සඳහන් කළා.

WhatsApp Group

Skip to content