Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

උසස් පෙළ විෂයන් 8 ක පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු අද සිට ආරම්භ වනවා. මධ්‍යස්ථාන 10 ක එම ඇගයීම් කටයුතු සිදු කෙරෙන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතුවලට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ද අද සිට සහභාගි වනු ඇති.

මේ අතර ජනාධිපතිවරයා සමඟ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ඉල්ලා ඇති සාකච්ඡාව මෙම සතියේදී ලබාදීමට නියමිතව ඇති බවද සඳහන්.

පසුගිය පෙබරවාරි 17 වනදා උසස් පෙළ විභාගය අවසන් වූ අතර, පිළිතුරු පත් ඇගයීම් කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබුණේ පෙබරවාරි 22 වනදා සිටයි.

කෙසේ වෙතත් මේ දක්වා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් එහි පිළිතුරු පත්‍ර අධීක්ෂණය කිරීමේ කටයුතුවලට එක් නොවූයේ රජයේ නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින්.

 

WhatsApp Group

Skip to content