Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සහ නාවික යාත්‍රා සඳහා අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය අද පස්වරු 3 දක්වා බලාත්මකයි.

මේ වනවිට ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව වායුගෝලයේ කැළඹිලි ස්වභාවය වර්ධනය වී ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

එම තත්ත්වය ඉදිරි දින කිහිපයේ දී අඩු පීඩන කලාපයක් දක්වාත් පසුව සුළි කුණාටුවක් දක්වාත් වර්ධනය වන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කලා.

එම නිසා උතුරු සහ නැගෙනහිර මුහුදු ප්‍රදේශවලට ඉදිරි දින කිහිපයේ දී යාත්‍රා නොකරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දී තිබෙනවා .

ඒ අනුව එම ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙස ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා .

මේ අතර අද උදැසන 9 තෙක් බලපැවැත්වෙන පරිදි දිස්ත්‍රික්ක 5ක ප්‍රදේශ කිහිපයකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ, පස්සර,ගාල්ල දිස්ත්‍රික්කයේ, බද්දේගම, නාගොඩ, ඇල්පිටිය සහ යක්කලමුල්ල,කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, රඹුක්කන, දැරණියගල, මාවනැල්ල, කෑගල්ල සහ ගලිගමුව, කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම, මාවතගම, අලව්ව සහ පොල්ගහවෙල,මාතලේ දිස්ත්‍රික්කයේ පල්ලෙපොල යන ප්‍රදේශ වලට එය බලපවත්වෙනු ඇති.

මේ අතර තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව ආශ්‍රිතව වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා බොහෝ ස්ථානවල පවතින වැසිබර තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

එමෙන්ම බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි යි .

සෙසු ප්‍රදේශවලද ඇතැම් ස්ථානවලට මි.මි 50ට වැඩි තරමක තද වැසි ඇති වන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.

WhatsApp Group

Skip to content