Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

නාරම්මල, බිහල් පොල ප්‍රදේශයේදී කුරුණෑගල පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාන් විසින් වැටලීමක නිරතව සිටින අවස්ථාවේ පහර දීමේ සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම පහරදීමෙන් නිලධාරීන් 08 දෙනෙකු තුවාල ලැබූ අතර, එහිදී ලැබුණු පැමිණිල්ලක් අනුව මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සදහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 19, 21 සහ 59 යන වයස් වල පසුවන මාදම්පේ සහ යක්විල ප්‍රදේශ වල පදිංචිකරුවන් වන අතර, ඔවුන් ඊයේ කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා.

මීට පෙර අස්ථා දෙකකදී සැකකරුවන් හත් දෙනෙකු අත්අඩංගුවට ගත් අතර, ඔවුන්ද මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

WhatsApp Group

Skip to content