Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

තරග තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම ඊයේ(22) දිවයිනට ළඟා වූවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියා සිටියේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම කොටස් දෙකක් ලෙසට දිවයිනට පැමිණි බවයි.

හෂ්මටුල්ලාහ් ශහීඩ්ගේ නායකත්වයෙන් යුත් ඇෆ්ගනිස්ථාන එක්දින සංචිතයට ක්‍රීඩකයින් 18 දෙනෙක් ඇතුළත් වනවා.

ගුල්බදීන් නයිබ් සහ මෙතෙක් ජාත්‍යන්තර එක්දින වරම් දිනා නොමැති 18 හැවිරිදි නූර් අහ්මඩ් ද සංචිතයට නම් කර තිබීම විශේෂත්වයක්.

ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර එක්දින තරග තුන 25, 27 සහ 30 යන දිනවලදී පැවැත්විමට නියමිතව ඇත්තේ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

ඇෆ්ගනිස්ථානු කණ්ඩායම දිවයිනට පැමිණි අවස්ථාවේ ඡායාරූප පහතින් දැක්වේ.

 

WhatsApp Group

Skip to content