Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

මන්කිපොක්ස් වෛරසය හෙවත් වඳුරු උණ වෛරසයේ නාමය එම් පොක්ස් ලෙස වෙනස් කිරීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය යොමුව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් තීරණය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හෙට දිනයේදී ගැනීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.

පසුගිය කාලය තුළ අදාළ වෛරසයේ නාමය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් අමෙරිකාව ද අවධානය යොමු කර තිබුණා.

ඒ, මන්කිපොක්ස් නාමය හේතුවෙන් යම් කණ්ඩායමක් හෝ තෙවන පාර්ශවයකට අගතියක් සිදුවන බව ප්‍රකාශ කරමින්.

1970 වර්ෂයේ දී කොංගෝ රාජ්‍යයේ මාස 9 ක බිළිදෙකුට ප්‍රථම වරට මන්කිපොක්ස් වෛරසය ආසාදනය වී තිබූ බවට සොයා ගැනුණා.

මේ වන විට ලොව පුරා වෛරසය ආසාදිතයින් 20 දහස් 774 දෙනෙකු වාර්තා වී ඇති අතර පසුගිය ඔක්තෝබර් මස 25 වනදා සිට නොවැම්බර් 8 වනදා දක්වා ආසාදිතයින් 47 දෙනෙකු වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පැවසුවේ.

WhatsApp Group

Skip to content