Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ත්‍රස්තවාදය වැළැක්විමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාාගර ගත කර සිටි ගල්වැව සිරිධම්ම හිමියන් ඇපමත මුදාහරින ලෙස අධිකරණය අද(23) නියෝග කර තිබෙනවා.

ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත සිරිධම්ම හිමියන් ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

ඒ අනුව සිරිධම්ම හිමියන් රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙක්ක මත මුදාහැරීමට නියෝග කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී.එන්.එල්. මහවත්ත මහත්මිය එම හිමියන්ගේ විදේශ ගමන්ද තහනම් කිරීමට නියෝග කළා.

එසේම සෑම මසකම අවසන් ඉරු දින ත්‍රස්ත මර්දන කාර්යාංශයට වාර්තා කළ යුතු බවට තවත් ඇප කොන්දේසියක්ද පනවනු ලැබුවා.

එසේම අදාළ නඩුව සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීමෙන් වළකින් ලෙසත් නඩු කටයුත්ත පැවැත්වෙන කාසීමාව තුළ ප්‍රචණ්ඩ කටයුතුවල යෙදීමෙන් වැලකිය යුතු බවටත් එසේ කළ බවට වාර්තා වුවහොත් ඇප අවලංගු කරන බවටත් නියෝගයේ සඳහන් වනවා.

මෙම සිද්ධියේ අනෙක් සැකකරු වන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.

මෙම පැමිණිල්ලට අදාළ නඩුව ලබන 12 වනදා යලි කැඳවීමට නියමිතයි.

 

WhatsApp Group

Skip to content