එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ පරිසර හානියට වන්දි ලබා ගැනීම සඳහා වන පරිසර හානි තක්සේරු වාර්තාව ලබන මස 15 වැනිදාට ප්‍රථම නීතිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා.

එහි සභාපතිනි නීතීඥ සුදර්ශනී ළහඳපුර මහත්මිය පැවසුවේ තක්සේරු වාර්තාව මේ වන විට සකස් කෙරෙමින් පවතින බවයි.

අදාළ වන්දි ලබා ගැනීම සඳහා මෙරට අධිකරණයක නඩුවක් පැවරීම යෝග්‍ය බවට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් මීට පෙර කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබුණා.

කෙසේවෙතත් පසුගියදා පැවති කැබිනට් මණ්ඩලයේදී මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් – එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ පරිසර හානියට වන්දි ලබා ගැනීම සඳහා සිංගප්පූරු අධිකරණයක් හමුවේ නඩුවක් පවරන ලෙසයි උපදෙස් ලබා දී ඇත්තේ.

WhatsApp Group

Skip to content