පළමු වන දකුණු ඉන්දීය ප්‍රවීනයන්ගේ විවෘත මළළ ක්‍රීඩා ශුරතා තරගාවලියෙදී පදක්කම් 144 ක් දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට පැමිණියා.

තරගාවලියේදී රන් පදක්කම් 84 ක් , රිදී පදක්කම් 40 ක් සහ ලෝකඩ පදක්කම් 20 ක් දිනා ගැනීමටයි ශ්‍රී ලාංකික ප්‍රවීනයන්ගේ මළළ ක්‍රීඩා කණ්ඩායම සමත් වූයේ.

සංගමයේ සභාපති තිස්ස සමරසිංහ මහතා කටුනායක ගුවන් තොටුපළේ දී සඳහන් කළේ මෙම තරගාවලිය තුළ ශ්‍රී ලාංකික ප්‍රවීනයන්ගේ මළළ ක්‍රීඩා කණ්ඩායම වැඩි වශයෙන් ධාවන සහ කඩුලු පැන දිවීමේ ඉසව් වලදී කැපී පෙනෙන දක්ෂතා පෙන්නුම් කළ බවයි.

මෙම ජයග්‍රහණය ශ්‍රී ලාංකික ඉතිහාසයේ ප්‍රවීනයන්ගේ කණ්ඩායමක් අත් කර ගත් විශිෂ්ඨතම ජයග්‍රහණය බවද ඔහු පෙන්වා දෙනවා.

තරගාවලිය ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ උඩුපි හීදී පසුගිය 09 සහ 10 යන දිනවල පැවැත්වුනා.

WhatsApp Group

Skip to content