Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

එප්පාවල ප්‍රදේශයේදී දරුවෙකු පැහැරගත් සැකකරු සහ ඔවුන්ට නවාතැන් සපයමින් සැඟවී සිටීමට උපකාර කළ නිවෙස් හිමියා ජනවාරි 04 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා .

එලෙස රිමාන්ඩ් භාරයට පත්කර ඇත්තේ කිරලෝගම, ගැටදිවුල ප්‍රදේශයේ පදිංචි 09 හැවිරිදි පිරිමි දරුවා පැහැරගෙන යෑමේ සිද්ධියට සම්බන්ධ විදුලි කාර්මික ශිල්පියා හා ඔවුන්ට සැගවී සිටීමට උපකාර කළ රිකිල්ලගස්කඩ නගර සභාවේ රියදුරෙක්.

සැකකරුවන් ඊයේ දිනයේදී තඹුත්තේගම මහෙස්ත්‍රාත් නුවන් කෞෂල්‍ය මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස නියෝග කළා .

සැකකාර විදුලි කාර්මිකයා දරුවා පැහැර ගෙන ගිය දින සිට ඔහුට අයත් ජංගම දුරකථනය ක්‍රියා විරහිත කර තිබීම හේතුවෙන් ඉන් පසු දරුවා සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් සොයා ගැනීමට නොහැකි වුණා .

නමුත් ඔහුගෙන් පසුගිය 23 වනදා පස්වරු 6.30 ට පමණ දරුවාගේ මවට ඇමතුමක් ලැබුණු අතර එහිදී විදුලි කාර්මික ශිල්පියා පවසා ඇත්තේ දරුවා ආපදාවකින් තොරව පසුවන බවයි.

ලැබුණු ඇමතුම ඔස්සේ පරික්ෂණ පවත්වා දරුවා පැහැර ගත් පුද්ගලයා රැඳී සිටි රිකිල්ලගස්කඩ, ජොන්ස්ලන්ඩ් වතුයායේ නිවස වටලා ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකියාව ලැබුනා .

WhatsApp Group

Skip to content