ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ වසර 16 කට පසුව අවසන් 16 දෙනාගේ වටයේ තම ස්ථානය තහවුරු කරගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වුණා.

ඊට අමතරව පෝලන්තය සහ ආර්ජන්ටිනාව ද අවසන් 16 දෙනාගේ වටයේ සිය ස්ථානය තහවුරු කරගැනීමට සමත් වීම විශේෂත්වයක්.

මේ අතර එෆ් කාණ්ඩය යටතේ තරග 2 ක් අද දින පැවැත්වීමට නියමිත අතර ක්‍රෝඒටියාව සහ බෙල්ජියම අතරත්, කැනඩාව සහ මොරොක්කෝව අතරත් එම තරග පැවැත්වෙනු ඇති.

එමෙන්ම සී කාණ්ඩය යටතේ තවත් තරග 2 ක් මේ වන විට පැවැත්වෙනවා.

ඒ, පෝලන්තය සහ ආර්ජන්ටිනාව අතර මෙන්ම සෞදි අරාබිය සහ මෙක්සිකෝව අතරයි.

WhatsApp Group

Skip to content