සංචාරක ක්ෂේත්‍රයේ නියුතවූවන්ට ණය ගෙවීමට ලබාදුන් සහන කාලය සම්බන්ධයෙන් ජනාධිතිවරයා සමඟ සාකච්ඡා කර තීන්දුවක් ගන්නා බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

ණය ගෙවීම සඳහා ලබාදුන් සහන කාලය මේ මස 31 වනදායින් අවසන් වීමට නියමිත වීම හේතුවෙන් සහන කාලය දීර්ඝ කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් පවතින බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ.

මේ අතර, ආදායම් බදු වාර්තා ගොනු කිරීමේ කාලසීමාව නොවැම්බර් 30 වැනිදා සිට තවත් සතියකින් දීර්ඝ කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කර තිබෙනවා.

එම කාල සීමාව තුළ කිසිදු දඩ මුදලක් අය නො කෙරෙන බවද ඔහු අවධාරණය කළා.

මේ අතර ආදායම් බදු වාර්තා ගොනු කිරීමට නොවැම්බර් මස 30 වනදා සිට අමතර සතියක කාලයක් ලබාදී තිබෙනවා.

සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ජේ සී අලවතුවල මහතා විසින් අසන ලද ප්‍රශ්නයට පිළිතුරු ලබාදෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ඒ පිළිබඳව මෙලෙස අදහස් පළ කළා.

https://www.vnews.lk/storage/2022/12/JC-VS-SHAN-EDIT-1.mp3?_=1

WhatsApp Group

Skip to content