සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවති තුන්වන හා අවසන් එක්දින තරගය ලකුණු 21න් ජය ගැනීමට ඔස්ට්‍රේලියාව ඊයේ සමත් වුණා.

ඒ අනුව දෙරට අතර පැවති තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය තරග දෙකට එකක් ලෙස ජය ගනු ලැබුවේ ඔස්ට්‍රේලියාවයි.

ඉන්දියාවේ චෙන්නායිහී පැවති තුනවන එක්දින තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව පන්දුවාර 49ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 269ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාවට පන්දුවාර 49යි එක් පන්දුවක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 248ක් පමණයි.

මෙම තරගාවලි ජයත් සමග මෙතෙක් පළමු ස්ථානයේ සිටි ඉන්දීය කණ්ඩායම දෙවන ස්ථානයට ඇද දමමින් එක්දින ශ්‍රේණිගතකිරීම් හී පළමු ස්ථානයට පැමිණීමට ඔස්ට්‍රේලියාව සමත් වුණා.

WhatsApp Group

Skip to content