පද රචකයාට සහ සංගීතඥයාට සමානවම ගායකයාට ද ගීතයේ සම අයිතිය ලබා දීමට අදාලව පවතින නීති රෙගුලාසි සංශෝධනය කිරීමට වෙළඳ අමාත්‍යවරයාගේ අවධානය යොමුව තිබෙනවා.

කතෘභාගය, ප්‍රකාශන හිමිකම් සම්බන්ධයෙන් ගීතයක ප්‍රධාන හිමිකරුවන් වන සියළු පාර්ශවයන් සදහා ලබා දීම පිළිබදව ඊයේ වෙළද වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.

සංගීත වැඩසටහන්වල සැකැස්ම සහ එහි ආකෘතිය සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කරන ලෙසත් ඉන් අනතුරුව එම යෝජනාවලට අදාළව ප්‍රමිතියක් සකස් කිරීමට සහ ඒවා නියාමනය කිරීම සම්බන්ධයෙන් හැකියාවක් පවතින බවයි අමාත්‍යවරයා මෙහිදි ප්‍රකාශ කලේ .

එමෙන්ම යූ ටියුබ් සහ අනිකුත් සමාජ මාධ්‍ය ජාලා ආශ්‍රිතව කතෘ හිමිකම සම්බන්ධයෙන් අදාළ ගැටලුවලට ද නීතිමය වශයෙන් ප්‍රතිපාදන හා නව රෙගුලාසි ඇති කිරීමට අවදානය යොමු කරන බවද වෙළද අමාත්‍යවරයා වැඩිදුරටත් අදාළ සාකච්ඡාවේදී අවධාරණය කර සිටියා.

WhatsApp Group

Skip to content