එළඹෙන ජූලි මස 31 වනදා සිට ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්වන අදියර ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

මෙම තරගාවලිය අගෝස්තු මස 22 දක්වා පැවැත්වීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ

තරගාවලිය සඳහා සහභාගී වන එක් කණ්ඩායමක් සදහා ක්‍රීඩකයින් 20 දෙනෙකු තෝරා ගැනීමට හැකියාව පවතිනවා .

ඒ සඳහා දේශීය ක්‍රීඩකයින් 14 දෙනෙකු සහ විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකු ඇතුළත් කරගත හැකි බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කලේ .

මෙවර තරගාවලිය සදහා ද කණ්ඩායම් 5 ක් ක්‍රීඩා කරනු ලබන අතර ජාත්‍යන්තර ක්‍රීඩාංගණ 3 කදී මෙම තරග පැවැත්වීමට නියමිත වනවා .

WhatsApp Group

Skip to content