සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපතක් වන කප්රුක ලොතරැයිය මෙවර අලුත් අවුරුද්ද වෙනුවෙන් “කප්රුක බක් මහ වාසි” ලෙස නම් කරමින් අද දින වෙළදපොලට නිකුත් කර තිබෙනවා.

රුපියල් කෝටි 31 ක් ඉක්ම වූ සුපිරි ජය මල්ලක් හිමි එකම ලොතරැයිය මෙය වන බවයි සංවර්ධන ලොතරැයි මණ්ඩලය පවසන්නේ.

රුපියල් 100ක මුදලට මෙම ටිකට්පත මිලදී ගත හැකි අතර සාමාන්‍ය දිනුම් ඇදීමට අමතරව විශේෂ දිනුම් ඇදීමකින් රුපියල් පනස් දහසේ සිට ලක්ෂ 20 දක්වා ජයග්‍රාගහකයින් බිහි කිරීමට ද කටයුතු යොදා තිබෙනවා.

මෙම “කප්රුක බක්මහ වාසි” ලොතරැයිපතේ දිනුම් ඇදීම අප්‍රේල් මස 10 වන සදුදා දින පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇති බව සදහන්.

අද දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති, ප්‍රධාන විධායක නිලධාරි අජිත් ගුණරත්න නාරගල මහතාගේ ප්‍රධානත්වයෙන් “කප්රුක බක්මහ වාසි” ටිකට් පතෙහි දිනුම් ඇදීමට අදාළ පළමු ටිකට් පත වෙළදපොලට නිකුත් කරනු ලැබුවා.

https://www.vnews.lk/storage/2023/03/DLB-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content