නොරොච්චෝලේ සෙබස්තියන් මුනි මාවත ප්‍රදේශයේ දී පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

මරණකරු සහ සැකකරු බීමත් ව සිට ඇති අතර, පෞද්ගලික ආරවුලක් මත ඇති වූ ඇති වූ ගැටුමක් හේතුවෙන් සැකකරු විසින් මරණකරුට තියුණු ආයුධයකින් පහර දී ඇති බව සඳහන්.

මෙලෙස මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 35ක මාම්පූරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ වන විට වයස අවුරුදු 54ක සැකකරු, අත් අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අද පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන නොරොච්චෝල පොලිසිය විසින් සිදුකරනු කරනවා.

WhatsApp Group

Skip to content