හිටපු ජනාධිපතිවරුන් වන ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ මහත්වරුන් ඇතුළු ශ්‍රී ලාංකිකයින් සිව්දෙනෙකුට කැනඩාව විසින් එරටට ඇතුළුවීම තහනම් කරමින් සම්බාධක පනවා තිබෙනවා .

මෙලෙස සම්භාධක පනවා ඇති අනෙක් ශ්‍රී ලාංකිකයින් දෙදෙනා වන්නේ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක සහ ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන අයයි .

මෙලෙස ඔවුන්ට සම්බාධක පනවා ඇත්තේ ශ්‍රී ලංකාවේ සිවිල් ගැටුම්වලදී මානව හිමිකම් කඩකළ බවට චෝදනා කරමින්.

එසේම කැනඩාව සමග ව්‍යාපාරික සම්බන්ධතා පැවැත්වීමටද ඔවුන්ට තහනම් වනවා .

කෙසේ වෙතත් මේ අනුව ඔවුන්ට කුමන හෝ ආකාරයක කැනඩාවේ යම් දේපළක් ඇත්නම් ඒවා රාජසන්තක කෙරෙනවා .

WhatsApp Group

Skip to content