මෙරට ළමයින් 56,000 ක් පමණ උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බවත් ඉන් වයස අවුරුදු 5 ට අඩු ළමයින් සඳහා ඉක්මනින් ප්‍රතිකාර අවශ්‍ය බවත් යුනිසෙෆ් සංවිධානයේ නවතම වාර්තාව පෙන්වා දෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ළමයින් ලක්ෂ 22 කට මානුෂීය සහාය අවශ්‍ය බව එම වාර්තාවේ දැක්වේන්නේ .

ශ්‍රී ලංකාවේ ආර්ථික සහ දේශපාලන අර්බුදය හේතුවෙන් විදේශ රැකියා සඳහා යන ශ්‍රමිකයන් ප්‍රමාණයද සියයට 286 කින් 2022 වසරේ වැඩි වී ඇතැයි එම වාර්තාවේ සඳහන් .

මේ අතර ශ්‍රී ලංකාවේ ළමුන් මිලියන 4.8 කට අධ්‍යාපනය සඳහා ප්‍රවේශය අවශ්‍ය බව යුනිසෙෆ් සංවිධානය එම වාර්තාව මගින් පෙන්වා දී තිබෙනවා.

මේ අතර ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා සදහන් කලේ පාසල් දරුවන් වැඩි පිරිසක් ආහාර අර්බුධය හේතුවෙන් පාසල් නොයන බවයි . මීරිගම පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු මේ බව අවධාරණය කළා.

https://www.vnews.lk/storage/2022/11/MAHINDA-JAYASINGHA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content