Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද පස්වරු 3 දක්වා බලපැවැත්වෙන පරිදි ධීවරයින් සඳහා අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යළි දැනුම්දෙන තුරු ධීවර සහ නාවික කටයුතු සිදු නොකරන ලෙසයි.

එම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරත පිරිස කඩිනමින් ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථාන වෙත යාත්‍රා කළ යුතු බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

මේ අතර දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශ සහ ඊට යාබද ගිනිකොනදිග බෙංගාල බොක්ක ආශ්‍රිත පවතින අඩු පීඩන කලාපය අද වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

එම පීඩන අවපාතය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නව ගමන් කරමින් ක්‍රමයෙන් සුළි කුණාටුවක් දක්වා වර්ධනය වන බව කාලගුණ නිවේදනයේ සඳහන්.

එලෙස වර්ධනය වන සුළි කුණාටුව නිරිතදිග බෙංගාල බොක්ක හරහා ලබන 8 වනදා වන විට තමිල්නාඩු වෙරළ තීරයට ළගාවෙනු ඇති.

WhatsApp Group

Skip to content