කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද ධීවර හා නාවික ප්‍රජාවට රතු නිවේදනයක් නිකුත් කළා.

ඒ ගිනිකොණදිග බෙංගාල බොක්ක ආශ්‍රිත ව පවතින අඩු පීඩන කලාපය සම්බන්ධයෙන් .

ඒ අනුව අද පස්වරු 06 සිට පොතුවිල් සිට ත්‍රිකුණාමලය, කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා මුහුදු ප්‍රදේශවල ධීවර හෝ නාවික කටයුතු සඳහා යාත්‍රා නොකරන ලෙස යි දැනුම් දී ඇත්තේ.

මෙහි එහි බලපෑම හේතුවෙන් දිවයින වටා ඇති මුහුදු ප්‍රදේශද රළු විය හැකි බැවින් හෙට සිට දිවයින වටා මුහුදු ප්‍රදේශවල ධීවර හෝ නාවික කටයුතුවලින් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙනවා .

WhatsApp Group

Skip to content