Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ප්‍රමිතිය පිළිබද තොරතුරු සහිත කිව් ආර්. කේතය ඇතුළත් ස්ටිකරය ලබන ජුනි මස පළමුවැනිදා සිට මත්පැන් බෝතලයේ මූඩිය උඩ කොටසේ අලවා නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කලේ දැනට එම කිව් ආර් කේතය ඇතුළත් ස්ටිකරය මත්පැන් බෝතල්වල මූඩිය කරමත සඳහන් වුවද එය පැහැදිලි නොවන බවට චෝදනා එල්ල වන බවයි.

එබැවින් මෙලෙස කිරීමට පියවර ගත් බවත්, මේ සඳහා නව යන්ත්‍රද ගෙනවිත් ඇති බවයි සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ.

මත්පැන්වල ආරක්ෂිත බව තහවුරු කරමින් බෝතලයේ අලවන ලද මෙම කේතය ඇතුළත් ස්ටිකරය හඳුන්වාදීම සම්බන්ධයෙන් පසුගිය කාලයේදී මත්පැන් කර්මාන්තකරුවන්ගෙන් විරෝධතාද පැවතුනා.

WhatsApp Group

Skip to content