ඕමාන ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වන ලේකම් ඊ කුෂාන් නැමැත්තාගෙන් අද අලුයම සිට පැය 6 කට අධික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා කාන්තාවන් ඕමානයේදී විවිධ කටයුතුවලට යොදා ගැනීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වනවා.

අද අලුයම ඕමානයේ මස්කට් නුවර සිට කටුනායකට පැමිණි අවස්ථාවේ ඊ කුෂාන් නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්වුණා.

ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content