Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

කොන්ගෝ රාජ්‍යයේ ගංවතුර තත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 170කට අධික බව එරට රජය පවසනවා.

පුද්ගලයින් 30 දෙනෙකු පමන තුවාල ලබා තිබෙනවා.

වැඩිම බලපෑම් එල්ල වී ඇත්තේ කින්ෂාසා අගනුවරටයි .

කින්ෂාසා අගනුවර පදිංචිකරුවන් 38,000 කට අධික පිරිසක් ගං වතුරෙන් අවතැන් වී ඇති බව එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය ප්‍රකාශ කළා.

බටහිර සහ මධ්‍යම අප්‍රිකාවේ දරුණු ගංවතුර හේතුවෙන් මිලියන 2.9 ක පමණ පිරිසක් අවතැන් වී ඇති බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇස්තමේන්තු කර තිබෙනවා.

WhatsApp Group

Skip to content