මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ට ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා ගුණාත්මකභාවයෙන් යුත් බඩ ඉරිඟු ලබාගැනීමේ ගැටළු මතුව තිබෙනවා.

ඒ අනුව ලෝක ආහාර සංවිධානය හරහා අමුද්‍රව්‍ය ලබාගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ, වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය සඳහන් කළේ.

දිස්ත්‍රික්ක මට්ටමින් හඳුනාගත් මන්දපෝෂණ තත්ත්වයෙන් පෙළෙන දරුවන් සඳහා අතිරේක ආහාරයක් ලෙස ත්‍රිපෝෂ නිෂ්පාදනය වැඩි දියුණු කිරීමට රජය ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.

පෝෂණ මලු ලබා දීමේ වැඩසටහනක් දිස්ත්‍රික්ක මට්ටමින් ක්‍රියාත්මක අතර පෝෂණ කමිටු බිහි කිරීමටද විශේෂ අවධානය යොමුව ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.

WhatsApp Group

Skip to content