දකුණු කොරියාවේ රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයින් 51 දෙනෙකු රවටා රුපියල් කෝටි දෙක හමාරකට අධික මුදලක් වංචාකළ බවට සැකපිට දකුණු කොරියානු ජාතිකයෙකු අද පෙරවරුවේ  කොට්ටාව ප්‍රදේශයේදී  අත්තඩංගුවට ගෙන තිබෙනවා

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට ලැබුණු පැමිණිලි මත මොහු පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමට හැකිවී ඇති බවයි වාර්තාවන්නේ

2022 වර්ෂයේ  විසිතුරු මත්ස්‍ය අපනයනය ආශ්‍රිත ව්‍යාපාරික කටයුත්තක් ආරම්භ කිරීම සඳහා ව්‍යාපාරික වීසා මත අදාළ දකුණු කොරියානු ජාතිකයා මෙරටට පැමිණ නමුත් ඊට අවශ්‍ය නීතිමය අවසර ඔහුට ලැබී නැහැ

ඉන්පසු මොහු සිය පුත්‍රයා සතු කොරියානු කර්මාන්ත ශාලාවක රැකියා ලබාදෙන බව පවසමින් සංචාරක වීසා මගින් මෙරට පුද්ගලයින් දකුණු කොරියාවට පිටත්කර යවා එරටදී රැකියා වීසා ලබාදෙන බවටත්  පොරොන්දු වී මුදල් ලබා ගෙන තිබෙනවා

අත්අඩංගුවට ලත් දකුණු කොරියානු විදේශිකයා අද දින හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණවීමට නියමිතයි

 

 

WhatsApp Group

Skip to content