Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ඩබ්ලිව්.ජි .ඉන්දික කුමාර (38) මහතා නිවාස ඉදිකිරීම් වල අත්උදව් කරුවෙකු ලෙස සේවය කරමින් දරුවන් තිදෙනා මෙන්ම බිරිඳ ජීවත් කරවීමට උත්සාහයෙන් කටයුතු කළ අයෙකි.

පසුගිය අප්‍රේල් මාසයේ අවුරුදු සිංහල අලුත් අවුරුද්ද අවසන් වීමත් සමඟ අල්ලපු ගමේ නිවාස ඉදිකිරීමක් සඳහා රැකියාවට ගිය කුමාර  ඉදිකිරීම් ගොඩනැගිල්ලෙන් පහලට ඇද වැටී මිය ගොස් තිබේ.

මියගිය ඉන්දික කුමාර මහතාගේ බිරිඳ ඒ.ජි. හර්ශණී මධුවන්ති විජේරත්න මහත්මිය  භාගෙට තැනූ අනාරක්ෂිත  නිවසේ වයස අවුරුදු 11 ක් වූ  සත්සර හසරැල් පුතාත්, වයස අවුරුදු 7ක් වූ  හසන්‍යා ආදිත්‍යා දියණියත්, වයස අවුරුදු 2ක් වූ  විනුද පැහැසැර පුංචි පුතා සමඟ කඳුලු සලමින් ජීවත් වෙයි.

මධුවන්තී විජේරත්න තිදරු මව තවමත් තම සැමියා මිය ගිය බවක් නොහැගෙන බව පවසන්නීය. දරුවන් ද සඳහන් කර සිටින්නේ තම පියා  රාත්‍රී කාලයේ දරුවන් නිදා ගන්න ඇඳට පැමිණෙන ඔවුන් සමඟ නිදා ගන්නා බවය. ඒ සඳහා ඔවුන් තම පියාට නිවසේ ඇද තුළ ඔවුන් නිදාගන්න ආසන්නයේම දිනපතාම කොට්ටය සූදානම් කර තබන බව ඉතා සංවේදී අප සමඟ සඳහන් කරන්නට විය.වයස අවුරුදු දෙකක් වූ පුංචි පුතා මියගිය තම පියාගේ ඡායාරූපය ලඟ තබාගෙන නිතරම එය ස්පර්ශ කරමින් සිටින සංවේදී පුවත ද ඔවුන් අප සමඟ සඳහන් කරන්නට විය.

ඉන්දික කුමාර මිය යෑමට පෙර අක්කරයක පමණ කෙසෙල්  වගාවක් දමා මේ වන විට වගාව සාර්ථක මට්ටමේ පවතී, මධුවන්ති අප සමග කියා සිටියේ තමන්ට ජීවත් වීම සඳහා වගා කිරීමට හැකි බවය ,තම සැමියා ද ජීවත්ව සිටින සමයේ කාට හෝ අත නොපා තමන්ගේ ශක්තියෙන් ජීවත් වූ අයෙකු බවයි. කෙසෙල් වගාව සඳහා නල ලිඳක් නොමැති වීම, ජල බට නොමැතිවීම නිසා වගාව විනාශ වී යාමේ තර්ජනයකට ලක් වන බව ඇය අප සමඟ කියා සිටියා.

තමන්ට නලලිඳක්  වතුර බට ටික ලබාදුනහොත් දරුවන් තිදෙනා ජීවත් කරවීමේ හැකියාව පවතින බවද ඇය සඳහන් කළා.තවද තම සැමියාගේ තුන්මාසේ පිංකම සිදුකර ගැනීමට හෝ ආර්ථික ශක්තියක් නොමැති බවද ඇය අප සමග සඳහන් කළා.දරු තිදෙනාගෙඅධ්‍යාපන කටයුතු සිදුකරගෙන වගාවක් ආරම්භ කොට ජීවත් වීමේ ශක්තිය ඇයට පවතින බවත්  පළමු වර කාගේ හෝ උදව්වක් ලැබෙන්නේ නම් තමන්ට දෙපයින් නැගී සිටීමට  හැකියාව ශක්තිය තිබෙන බවද ඇය සඳහන් කළා.

ලිපිනය:- හර්ශණී මධුවන්තී විජේරත්න, නොම්මර 174/ 4 / 1A , වැවපාර , ලෝලුගස්වැව, බුල්නෑව

දුරකථන අංකය:-  076 7670725

මහජන බැංකුවේ ගල්නෑව ශාඛාවේ ඇය නමින් පවතින ගිණුම් අංකය :- 179 2 001 8 00 47447

 

WhatsApp Group

Skip to content