Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

75 වෙනි ජාතික නිදහස් දිනය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

එහිදි ඔහු සඳහන් කර සිටියේ 2023 වසරේ 75 වන නිදහස් දින සැමරුමෙන් ඇරඹෙන නව ප්‍රතිසංස්කරණවාදී ගමන් මග 2048 වසරේ සමරන සිය වන නිදහස් දිනය දක්වා නොවෙනස් රාජ්‍ය ප්‍රතිපත්තියක් බවට පත් කිරීම තම රජයේ මූලික අරමුණ වන බවයි.

එමෙන්ම ජනාධිපතිවරයා කියා සිටියේ 75 වන ජාතික නිදහස් දිනය සමරන මෙම අවස්ථාව අපට අතිශයින්ම තීරණාත්මක සහ අභියෝගාත්මක කාලයක් වනු ඇති බවයි.

පසුගිය වසර 75ක කාලය පුරා අප විසින් දිනාගන්නා ලද දෙයට වඩා අහිමි කරගන්නා ලද දේ බොහෝ වන අතර එලෙස අහිමි වූ දේ ළඟා කර ගැනීම මේ වන විටත් ක්‍රියාත්මක බවටයි ඔහු තවදුරටත් අවධාරණය කර සිටියේ.

WhatsApp Group

Skip to content