ව්‍යාපාරිකයෙකුට පහරදී රුපියල් කෝටි 8ක් පමණ වටිනා රන් බිස්කට් කිලෝ 2ක් පැහැරගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

පොලිස් නිලධාරීන් පිරිසක් ව්‍යාපාරිකයෙකුට පහරදී රාත්‍රං කිලෝ 2ක් පැහැරගෙන ඇති බවට පොලිස්පතිවරයා නිර්නාමික පෙත්සමක් ලැබී තිබෙනවා.

ඒ අනුවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම විමර්ශනය ආරම්භ කර ඇත්තේ.

කොළඹ උතුර කොට්ඨාසයේ පොලිස් අංශ තුනක පොලිස් නිලධාරීන් 08 දෙනෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

ඒ අතර උප පොලිස් පරීක්ෂකවරුන් තිදෙනෙක් , පොලිස් සැරයන්වරයෙක් සහ පොලිස් කොස්තාපල්වරුන් සිව්දෙනෙකු වන බවයි පොලිසිය සදහන් කළේ.

WhatsApp Group

Skip to content