ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ට අයත් කාර්යාලයක තිබී රහස් ලියවිලි හමුවීමේ සිදුවීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. නීතිපති මෙරික් ගාලන්ඞ්ගේ උපදෙස් අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. එහි විමර්ශන කටයුතු මෙහෙයවීමට ස්වාධීන නීතීඥවරයකු වන රොබට් හර් පත් කර තිබෙනවා.

ඇමෙරිකානු මාධ්‍ය මීට දින කිහිපයකට පෙර අනාවරණ කළේ බයිඩන්ට අයත් කාර්යාලයකින් රහස් ලියවිලි කීපයක් හමුවුණු බවයි. ධවල මන්දිරය මෙන්ම බයිඩන්ගේ නීතීඥයන් පවා ඒ බව තහවුරු කර තිබුනා.

ඇමෙරිකානු මාධ්‍ය අද අනාවරණ කළේ බයිඩන්ගේ ඩෙලවෙයාර් නිවසේ ගරාජයෙන් ද තවත් රහස් ලියවිලි තිබී හමුවුණු බවයි

කෙසේ වෙතත් රහස් ලියවිලි සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බවයි ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර ඇත්තේ.

එසේ වුවත් නීතිපතිවරයාගේ අධීක්ෂණය යටතේ සිදුවන විමර්ශනයට සිය පූර්ණ සහාය ලබා දෙන බව ද ජෝ බයිඩන් සඳහන් කර තිබෙනවා.

 

WhatsApp Group

Skip to content