Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පාසල් නිල ඇඳුමෙන් බියර් පානය කරමින් සිටි පාසල් සිසුන් පස් දෙනෙකු පොලිස් භාරයට ගැනුණු බව පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක වයස අවුරුදු 15ත් 16ත් අතර සිසුන් පස් දෙනෙකි.

වාර විභාගයට පෙනී සිටිමෙන් අනතුරුව ඔවුන් මෙලෙස බියර් පානය කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

පොලිසිය කියා සිටියේ පොලිසියට ලද තොරතුරක් මත පානදුර වෙරළ තීරයේ සිදු කළ හදිසි විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම පිරිස අත්අඩංගුවට ගැනුණු බවයි.

අදාළ සිසුන් මුහුදු වෙරළ තීරයේ වැටකෙයියා පඳුරක සිට බියර් පානය කරමින් සිටි බවත් බියර් ටින් සමග ඔවුන් අත්අඩංගුවට ගත් බවද පොලිසිය වැඩිදුරටත් කියා සිටියා.

විභාගය අවසන්වීමෙන් අනතුරුව පානදුර ප්‍රදේශයේ රටබීම අලෙවිහලකින් මොවුන් බියර් මිලදී ගෙන ඇති බවත් ළමුන්ගේ දෙමාපියන් ගෙන්වා උපදෙස් දී දෙමාපියන්ට දරුවන් භාරදීමට කටයුතු කරන බවත් පොලිසිය වැඩිදුරටත් කියා සිටියා.

 

WhatsApp Group

Skip to content