තම අසල්වැසියාගේ ගෙවත්තේ තිබූ අනුස්මරණ ගසක් කපා දැමීම හේතුවෙන් බ්‍රිතාන්‍ය ජාතිකයෙකුට තමා පදිංචි නගරයට ඇතුළු වීම වසර 15 ක් යනතෙක් තහනම් කිරීමට නොර්තැම්ප්ටන් මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

මෙලෙස දඬුවම් හිමිව ඇත්තේ 59 හැවිරිදි ඒඩ්‍රියන් ස්ටේයාර්ස් නම් බ්‍රිතාන්‍ය ජාතිකයෙකුටයි.

මෙම පුද්ගලයාට වසර 15 ක තහනමට අමතරව සති 6 ක සිරදඬුවමක් නියම කිරීමටත් එය මාස 18 කට අත් හිටුවිමටත් අධිකරණය නියෝග කළා.

එසේම තම අසල්වැසියා සමඟ සන්නිවේදනය කිරීමද තහනම් කර තිබෙනවා.

දඬුවම නියම වීමෙන් පසු තමන් ගසක් කැපීමට නොව මිනීමැරුමකට වරදකරුවෙකු වූ බව දැනෙන බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

ඒඩ්‍රියන් හට වයස 74 වන තෙක් බ්ලිස්වර්ත් නගරයට පැමිණිය නොහැකි අතර එසේ පැමිණිය හොත් සිරගත වීමට සිදුවේ.

WhatsApp Group

Skip to content