පාස්කු දින ප්‍රහාරයේදී කොළඹ කිංග්ස්බරි හෝටල් පරිශ්‍රයට එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ,බෝම්බකරු මොහොමඩ මුබාරක් නමැති ත්‍රස්තවාදියාගේ බිරිද වන අයේෂා සිද්ධිකා සහ මොහොමඩ වසීම් ෆස්රුල් රහුමාන් යන සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

මෙම සැකකරුවන් දෙදෙනා සම්බන්ධ වන නඩුව කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (14) පෙරවරුවේ සලකා බැලීමෙන් අනතුරුව ඔවුන් ලබන 23 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි නියෝග කළේ.

සැකකරුවන් සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලැබීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා.

එතෙක් මෙම සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කර තබන ලෙසයි ස්කයිප් තාක්ෂනය ඔස්සේ සැකකරුවන් නිරික්ෂණය කරමින් මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ.

සිද්ධියේ අටවන සැකකරු සම්බන්ධයෙන් නීතිපති උපදෙස් කැදවන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා අදාළ පාර්ශ්ව වෙත දැනුම්දෙනු ලැබුවා.

WhatsApp Group

Skip to content