නවසීලන්තය දුම්වැටි තහනම් කරමින් නීති සම්පාදනය කර තිබෙනවා.

ඒ අනුව 2009 වසරේ ජනවාරි පළමු වැනිදායින් පසු උපන් සියලු දෙනාට දුම්බීම තහනම් කරමින් සකස් කළ නව නීති පනත් කෙටුම්පතට නවසීලන්ත පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවුණා.

ඒ සමඟම දුම් වැටි සම්බන්ධයෙන්, දැඩි නීතියක් සම්මත කරන පළමු රට බවට නවසීලන්තය පත් වනවා.

නවසීලන්තයේ දුම්පානය කිරීමේ අනුපාතය මේ වන විටත් අවම මට්ටමක පවතින බවයි විදෙස් වාර්තා පවසන්නේ.

පසුගිය වසරේ නවසීලන්තයේ ජනගහනයෙන් දුම් පානය කළ පිරිස 9.4% ක් ලෙස පැවතියා.

එය පසුගිය මාසයේ සියයට 8% ක් දක්වා පහල ගොස් තිබෙනවා.

නව පනත් කෙටුම්පත තුළින් 2025 වසර වනවිට නවසීලන්තයේ දුම් පානය 5% ක් දක්වා අඩු කිරීම අපේක්ෂාවයි.

WhatsApp Group

Skip to content