Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ගාලු ධීවර වරායේ අයිස් කර්මාන්ත ශාලාව පිළිසකර කිරීමේ කටයුතු පුද්ගලික අංශයට ලබා දීමට සිදුවන බව අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසනවා.

පිළිසකර කිරීමට විශාල මුදල් ප්‍රමාණයක් වැයවන බවත් ඒ සඳහා සංස්ථාව හෝ අමාත්‍යංශය සතුව අරමුදල් නොමැති බවත් අමාත්‍යවරයා කියා සිටියා.

අක්‍රිය තත්වයේ පවතින අයිස් කර්මාන්ත ශාලාවේ නිරිෂණයකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ හැකි ඉක්මණින් කර්මාන්ත ශාලාව යථා තත්වයට ගෙන ඒමට කටයුතු කරන බවයි.

මෙම කර්මාන්තශලාවේ ඇමෝනියම් වායුව කාන්දු වීම පිළිබඳ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකුගෙන් සහ ඉන්ජිනේරුවන්ගෙන් වාර්තා ලබාගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content