විදුලි ගාස්තු වැඩි කිරීමක් සිදු නොකරන්නේ නම් ලබන වසරේ දී පැය 6 ත් 8 ත් අතර කාලයක් දිනකට විදුලිය කපා හැරීමට සිදුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

දැනට විදුලිය උත්පාදනය සඳහා වැඩි වශයෙන් ඇත්තේ තාප විදුලි බලාගාර බවයි අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේ දී පැවසුවේ.

ඔහු මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුවේ පැවති අය වැය විවාදයට එක්වෙමින්.

https://www.vnews.lk/storage/2022/12/KANCHANA-WIJESEKARA-EDIT-01.mp3?_=1

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රි පුජ්‍ය අතුරලියේ රතන හිමියන් සඳහන් කළේ සෝලා ව්‍යාපෘතිය හරහා විදුලි අර්බුදයට ප්‍රායෝගික විසඳුමක් ලබාගත හැකි බවයි.

https://www.vnews.lk/storage/2022/12/RATHANA-HIMI-EDIT.mp3?_=2

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු ලබා දුන් අමාත්‍ය කංචන විජේසේකර මහතා.
එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ද අදහස් පළ කළා.

https://www.vnews.lk/storage/2022/12/KANACHANA-RATHANA-HIMI-PILITHURU-EDIT.mp3?_=3

WhatsApp Group

Skip to content