අද සිට ගෑස් සිලින්ඩර ලක්ෂයක් දෛනිකව වෙළඳපලට නිකුත්කරන බව ලිට්රෝ සමාගම පවසනවා.

එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ උත්සව සමයේ කිසිදු හිඟයකින් තොරව ගෑස් නිකුත් කිරීමට සැලසුම් ක්‍රියාත්මක කර ඇති බවයි.

ගෑස් මෙට්‍රික්ටොන් 3740ක් සහිත නෞකාවක් ඊයේ මෙරටට සේන්දු වුනා.

උත්සව සමයේ ගෑස් ඉල්ලුම ඉහළ යන බැවින් අවශ්‍යතාව අනුව තොග ඇනවුම් කර ඇති බවද ලිට්රෝ සභාපතිවරයා ප්‍රකාශ කළා.

WhatsApp Group

Skip to content