Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

බලපත්‍ර නොමැතිව මෙරට නිෂ්පාදිත වෙඩි බෙහෙත් කොටන ගිනි අවි පහක් සමග පුද්ගලයන් පස් දෙනෙක් පොලිස් විශේෂ කාර්යා බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පොලිස් විශේෂ කාර්ය බලකා වාකරේ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව වාකරේ, ඌත්තමඩිහේන ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදීයි.

මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස වයස අවුරුදු 25ත් 50ත් අතර පුද්ගලයන් බවත් ඔවුන් කදිරවේලි ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් කියා සිටියා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පස් දෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වාකරේ පොලිස් ස්ථානය වෙත භාරදී ඇති අතර ගිනි අවි ළඟ තබා ගනිමින් කිසියම් අපරාධයකට සූදානම් වූයේද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කෙරෙන බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පවසන්නේ.

 

WhatsApp Group

Skip to content