සෙල්ලම් බඩු පාර්ලසයක ඉතා සූක්ෂම ලෙස අසුරා අමෙරිකා එක්සත් ජනපදයේ සිට ගුවන් තැපෑලෙන් එවන ලද රුපියල් කෝටි 2ට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා .

එම පාර්සලය රැගෙනයාමට පැමිණි කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ .

විශේෂ කාර්ය බළකා මුලස්ථාන කඳවුරේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන්, රේගු සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් එක්ව අදාළ වැටලීම සිදුකර ඇති බව වාර්තා වනවා .

කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 367 ක් එම පාර්සලය තුළ තිබූ බවයි පොලීසිය සඳහන් කලේ . මෙම සිද්ධිය සම්බන්යෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා .

WhatsApp Group

Skip to content