මහ කන්නයේ ගොයම් කහපැහැ වීමට හේතු අටක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් අනාවරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා මහ කන්නයේ වී වගාව ආශ්‍රිතව ඇතැම් ප්‍රදේශවලින් වාර්තා වන ගොයම් කහ පැහැ වීමේ ත්ත්වය සම්බන්ධව සති දෙකක් මු`ඵල්ලේ කරන ලද නිරීක්ෂණයකට අදාළව වාර්තාවක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට භාර දුන් අතර අදාළ වාර්තාවේ මේ බව සඳහන්.

ඒ අනුව පොස්පරස් ඌණතාවය පොටෑසියම් ඌණතාවය, නෙවටෝඩා ඌණතාවය මෙන්ම කෘමීන් විසින් මූල පද්ධතියට හානි කිරීම ආදි කරුණු ඇතුලත්.

මේ අතර ශ්‍රී ලංකාවේ රබර් වගාව තුළ ව්‍යාප්ත වන පත්‍ර පුල්ලි රෝග පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද පැවැත් වුණා. ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී.

එහිදි අදහස් පළ කරමින් කොළඹ රබර් විකුණුම්කරුවන්ගේ සංගමයේ සභාපති මනෝජ් උඩුගම්පළ මහතා පැවසුවේ මෙම රෝගය මැඩපැවැත්වීම සඳහා ක්‍රම රැසක් මේ වන විට අනුගමනය කරමින් සිටින බවයි.

https://www.vnews.lk/storage/2023/01/MANOJ-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content