චීන ජනාධිපති ෂි ජින් පිංට සහ එරට පාලක කොමියුනිස්ට් පක්ෂයට එරෙහිව චීනයේ නගර රැසක විරෝධතා ආරම්භ වී තිබෙනවා.

විරෝධතාකරුවන් පවසන්නේ ජනාධිපතිවරයා මෙන්ම පාලක කොමියුනිස්ට් පක්ෂය ද බලය අතහැරිය යුතු බවයි.

රජයට එරෙහිව චීනය තුළ මෙලෙස විරෝධතා උත්සන්න වී ඇත්තේ එරට තුළ ක්‍රියාත්මක දැඩි කොවිඩ් රෙගුලාසිවලට එරෙහිව බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

එම රෙගුලාසි ඉවත් කරන ලෙස බලකරමින් විරෝධතා ආරම්භ වූ අතර මේ වන විට එම විරෝධතා ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇතැයිද විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙනවා.

WhatsApp Group

Skip to content